ශ්‍රී ලංකාවේ ප්‍රථම කබානා හෝටල් සංකීර්ණය දෙසැම්බර් විවෘත කෙරේ (විඩියෝ)

ජූනි 09, 2019
  • මෙරට පළමු පාවෙන කුටි සහිත කබානා හෝටල් සංකීර්ණය දෙසැම්බර් මස විවෘත කෙරේ.

    මෙය ඇග්‍රො ටුවරිසම් තාක්‍ෂණයෙන් යුත් සුපිරි හෝටලයක්. මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත පුනරුත්ථාපනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පූර්වාදර්හයක් මින් සපයා තිබේ. මීගමුව, කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ බෝලගල ගම්මානයේ මෙය ඉඳිවේ. මැටි කපා නැවත පුනරුත්ථාපනය නොකළ අක්කර 200ක පමණ භූමියකින්, අක්කර 15ක පමණ ප්‍ර දේශයක් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිත කර තිබේ.

    භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ පරිසරයට හානියක් සිදු නොවන පරිදි මෙය ඉදි කෙරේ.අධි සුඛෝපභෝගි කාමර 50කින් යුත් මෙහි කාමර 10ක් ඉහළ පහසුකම් සහිතව සැකසේ. එම කාමර ඉදිකර ඇත්තේ, වැඩි ප්‍රදේශයක ජලය මත පාවෙන ලෙසයි. මෙරට පළමු වැනි පාවෙන නාන තටාකය ද මෙහි ඉඳිවේ. සංචාරකයන්ට නවමු ආශ්වාදයක් ලබාදීම සඳහා ජලය යට සම්භාහන මධ්‍යස්ථානයක් ද නිර්මාණය කෙරේ.

    අවශ්‍ය සේවකයින්ගෙන් 90%ක් අවට ප්‍රදේශයෙන් සපයා ගැනීමට නියමිතයි. හෝටල් සංකීර්ණයේ හිමිකරු කැලුම් පෙරේරා මහතා පවසන්නේ මෙය රුපියල් කෝටි 50ක ආයෝජනයක් බවයි. ජලය පිරිසිදු කෙරෙන්නේ, ජර්මානු තාක්‍ෂණය යටතේ සකස් කළ විශේෂ ක්‍රමවේදයක් මගින්. සංචාරකයින්ට අවශ්‍ය කෑම,බීම බොහොමයක් වැව් බැම්ම ආශ්‍රිතව වගා කෙරේ. ගමනා ගමනයට විදුලි මෝටර් රථ යොදා ගැනේ. සැහැල්ලු ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා ස්ථානයක් ඉඳි කෙරෙන අතර, විදේශිකයින් වැඩි සංඛ්‍යාවක් ගෙන්වා ගැනීම එහි අරමුණයි. පරිසර හිතකාමීව සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් විශාල විදේශ විනිමයක් මෙරටට හිමිවනු ඇත.

    Last modified on සදුදා, 10 ජූනි 2019 12:24

    Latest News