චීනයේ සමාගම් 4කට 5G වාණිජ බලපත්‍

ජූනි 07, 2019

    චීනයේ සමාගම් 4කට 5G වාණිජ බලපත්‍ර හිමිවෙයි.

    චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඊයේ (06) බෙයිජිංහි දී China Telecom, China Mobile, China Unicom සහ China Broadcast Network යන සමාගම් 4ට 5G වාණිජ බලපත්‍ර නිකුත් කළේය.

    එමගින් එම සමාගම් 4ට පස්වැනි පරම්පරාවේ ඩිජිටල් ජාලාකාර ජංගම සන්නිවේදන සේවා ලබා දීමේ සුදුසුකම් හිමිව ඇත.

    විවිධ ව්‍යවසායන් වෙළඳ පොල හා ව්‍යාපාරික කටයුතු මූලික කරගෙන 5G තාක්ෂණ භාවිතය හා නිර්මාණශීලිත්ව සංවර්ධනය ඉදිරියට ගෙන යමින් විවිධ ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය, අන්තර්ජාල භාවිතය හා බුද්ධිමය සංවර්ධනය වර්ධනය කළ යුතු බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මියාඕ වෙයි මහතා අවධාරණය කර තිබේ.

    ඉදිරියේදී විදේශීය ව්‍යවසායන් චීනයේ 5G වෙළඳපොලට එක්වී චීනය සමග 5G සංවර්ධන ප්‍රතිඵල බෙදා ගැනීම චීනය පෙර සේම පිළිගන්නා බව ඔහු පවසා ඇත.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 11:52

    Latest News