අදත් ගිගුරුම් සහිත වැසි

ඔක් 12, 2023

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 08:47

    Latest News