දින 14ක් පුරාවට නොබසින ගංවතුර

ඔක් 12, 2023

    මේවන විට මාතර දිස්ත්‍රික්කයට නැවත තද වැසි ඇද හැලෙමින් පවති.

    මේ හේතු කර ගෙන ගංවතුර මට්ටමේ ජලය වැඩි වීමේ තත්ත්වය පත් වී ඇති අතර දින 14 කාලයක් පුරා තවමත් ජලය බැස නොයාම හේතු කර ගෙන ජන ජිවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

    මේවන විටත් නිල්වලා ගංගාවේ පානදුගම ජල මාප‍කයේ අගය 6.20 දක්වා වැඩ වී තිබේ. මේ වන විටත් වාරි මාර්ග දෙපාර්තුමේන්තුව සදහන් කර‍න්නේ ගං වතුර අනතුරු හැගවීමේ නිවේදනය දිර්ඝ කර තිබෙන බවයි.

    මාතර,හක්මණ,තිහගොඩ, වැල්ලේතොට, විටියල, කරගොඩඋයන්ගොඩ ආදි ප්‍රාදේශවල දැඩි වර්ෂාපතයක් ඇද හැලෙමින් පවති. මේ හේතු කර ගෙන ජනතාවට විශාල වශයෙන් ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. තවමත් තිහගොඩ,මාලිම්බඩ,කඹුරුපිටිය,අතුරලිය ප්‍රාදේශිය ලේකම් කාර්යලවල පහත් බිම් යට වී තිබේ.

    ගංවතුර අවධානම පවතින පහත් බිම්වල ජනතාව සදහා මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල,කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ,කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යල මැදිහත් වීම ප්‍රාදේශවල සෞඛ්‍ය සානයන රැසක් පැවත්විම සිදු කිරීම ඊයේ (11) දා සිදු කළ අතර ළිං සදහා ක්ලෝරින් ලබා දීම හා දැනුවත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අංශ මගින් සිදු කරන ලදි.

    Latest News