ඝාතනයට ලක්වූ අමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර තුර්කියේ සෞදි කොන්ස්ල ජනරාල් කාර්යාලයේ පෝරණුවක දමා පිළිස්සූ බවට, සාධක හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරයේ උණුසුම් ජල ප්‍රවාහ අනතුරුදායක මට්ටමින් ඉහළ ගොස් ඇති බවට, වාර්තාවක් පෙන්වා දෙයි.

රුසියාව, අමෙරිකාව සමග අත්සන් කර තිබූ මධ්‍යදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඊයේ නිල වශයෙන් ඉවත් විය.

අමෙරිකානු සමාගමක් විසින් උඩුගුවනට යවනු ලැබූ “ස්පේස් එක්ස්“ අභ්‍යවකාශ යානය සාර්ථකව අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය.

අමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ හටගත් ටොනේඩෝ සුළි කුණාටුවලින් 23 දෙනෙකු මරුමුවට පත්වූහ.

ඉන්දීය “මිග්-21“ ගුවන් යානය බිම හෙලීම සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත “එෆ්-16“ ප්‍රහාරක යානයක් යොදා නොගත් බව, පකිස්තානය පවසයි.

කාශ්මීර දේශසීමාවේදී ඉන්දු-පකිස්තාන් හමුදා අතර යළි දරුණු ගැටුම් හටගෙන තිබේ.

උතුරු කොරියානු නායකයා, වියට්නාමයේ සිට ආපසු තම රට බලා ඊයේ පිටත්ව ගොස් තිබේ.

පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් ඊයේ සිය මබ්බිමට ළඟාවිය.

අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ පුත්, හම්සා බින්ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර තිබේ.

පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා මේ වනවිට ඉන්දීය බලධාරීන්ට බාරදී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමීවේ.

පකිස්තාන ආරක්‍ෂක අංශ ග්‍රහණයේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තීරණය කර තිබේ.

පකිස්තානය විසින් වෙඩිතබා බිම හෙලන ලද ඉන්දීය ප්‍රහාරක යානයේ නියමුවා නිදහස් කර, ආරක්ෂක සහිතව තමත් වෙත බාර දෙන්නැයි, ඉන්දියාව ඉල්ලා සිටිනවා.

කාෂ්මීර ප්‍රදේශයෙන් පකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදා යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි.

ඉන්දියාව සිදු කළ ගුවන් ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වන බව, පකිස්තාන රජය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සාරිෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කෙරිණ.

වෙනිසියුලාවේ උග්‍ර ගැටුම් හේතුවෙන් 25 දෙනෙක් මියගොස් තිබේ.

වෙනිසියුලා ආරක්‍ෂක අංශ හා විපක්‍ෂ කණ්ඩායම් අතර, දරුණු ගැටුම් හටගෙන තිබේ. ඒ කොළොම්බියාවේ හා බ්‍රසීලයේ සිට මානුෂීය ආධාර රැගත් රථ වෙනිසියුලාවට පැමිණිම වැළැක්වීමට ආරක්‍ෂක අංශ ක්‍රියා කිරීමත් සමඟයි.

Latest News