අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාවට වඩා දස ගුණයක් පමණ විය හැකි බව බලධාරීන් පවසයි. නිල වාර්තා පෙන්වා දෙන්නේ, එරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට විසි පන් ලක්ෂය ඉක්මවා ඇති බවයි.

ඉදිරි සතිය තුළ COVID -19 රෝගීන් සංඛ්‍යාව මිලියන 10 ට ළඟා වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි.

Covid - 19 වසංගත තත්ත්වය හමුවේ ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව පුරෝකථන ඉදිරිපත් කර තිබේ.

කොරෝනා වෛරසය සඳහා නව එන්නතක් බ්‍රිතාන්‍යයන් විසින් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රාන්ත 9 ක සංචාරය කරන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට අමෙරිකා බලධාරින් දන්වා සිටී.

අත්වැල් බැඳ කෝ වසංගතය පොදුවේ පරාජයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධව හවුල්කාරී සහයෝීතා සැළැස්මක් ඉදිරිපත් කරයි.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලි හියන් ලූන් එරට හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වී තිබේ.

ලොව සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අනූපන්ලක්ෂ විසි හත්දහස ඉක්මවා ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන්‌ කොරෝනා 15,665 දෙනෙකු වාර්තා වුණා.

අමෙරිකාවේ ප්‍රමාදව තිබූ ප්‍රාථමික මැතිවරණ කිහිපයක්‌ ඊයේ පැවැත්වුණා.

ගතවූ පැය 24 තුළ ලොව කොවිඩ් 19 රෝගීන්‌ 160,000ක් වාර්තා වී ඇතැයි, විදෙස්‌ මාධ්‍ය පවසනවා.

චීනයට එරෙහිව අමතර සම්බාධක පැනවීම අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ ග්‍රීන් කාඩ් ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 89 ඉක්මවා තිබේ.

මෙවර හජ් වන්දනා සමය විදේශිකයන්ට තහනම් කිරීමට සවුදි රජය තීරණය කර තිබේ.

සර්බියානු මහ මැතිවරණයේ වැඩි වාසි පාලක කන්සවේටිව් පක්‍ෂයට හිමි වී ඇති බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ “රීඩින්” නගරයේ ෆෝබරි උද්‍යානයේ සිදු වූ පිහි ඇනුමකින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඉන්දුනිසියාවේ “මෙරාපි” ගිනිකන්ද විධාරණය වී තිබේ. ඊයේ දෙවරක් එය විධාරණය වූ බව, විදෙස් වාර්තාවල සඳහන්.

Latest News