දේශගුණික අර්බුදයෙන් කෝටි 120ක් අවතැන්

සැප් 14, 2020

    දේශගුණික අර්බුද හේතුවෙන් වසර 2050 වන විට ලෝක ජනගහණයෙන් කෝටි 120ක පිරිසක් අවතැන් වීමේ අවදානමක් මතුව ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

    ගෝලීය දේශගුණික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන සමූහ සංක්‍රමණය සහ යුද ගැටුම් හේතුවෙන් ඉදිරි වසර 30ක කාලය තුළ බිලියන 1.2ක පිරිසකට තම ගම්බිම් අහිමිව අවතැන් වීමට සිදුවනු ඇති බවයි, හෙළි වී ඇත්තේ.

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි කේන්ද්‍ර කර ගත් ආර්ථික විද්‍යාව හා සාමය පිළිබඳ ආයතනය සිදුකරන ලද පරිසර විද්‍යාත්මක තර්ජන ලේඛන වාර්තාව මගින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

    දේශගුණික අර්බුදයේ බලපෑමෙන් පලා යාමට ලොව කිසිඳු රටකට නොහැකි වනු ඇතැයි, එම වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර ලොව වඩාත් දිළිඳු රටවලට සහ අනාරක්ෂිත ජන ප්‍රජාවන්ට ඉන් දැඩි තර්ජනයක් එල්ල වනු ඇති.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 10:43

    Latest News