ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීම හේතුවෙන් අද තෙවැනි දිනටත් විරෝධතා පැවැත්විණ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 33,000 ඉක්මවා ගොස් තිබේ.

ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් සිදුවූ හානිය පියවා ගැනීම සඳහා ආධාර ලබාදීම පිළිබඳ සාකච්ජා කිරීමට ලෝක නායකයින් අද විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතයි.

තවදුරටත් කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්ව සිටින අමෙරිකාවේ අද වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක් ලක්‍ෂයක්.

බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

අද වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 98 ලක්‍ෂය ඉක්මවා ගියේය.

ඉන්දියාවෙන් දෛනිකව හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනිමින් තිබේ.

ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වනවිට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අතර පිපිරීම් හේතුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිවාසවලට හානි සිදුව තිබුණ ද පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය දිනපතා විවෘතව තැබෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේය.

මෙම හදිසි තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් එරට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවාවන් සහ උපදෙස් ලබා ගැනීමට පැමිණෙමින් සිටින බව ද ඇය පැවසීය.

කෙසේවෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ සහ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලෙබනන් රජය සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව ද ශානි කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ලෙබනනයේ බීරූට් හි පිපිරීමෙන් පීඩාවට පත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයෙන් වැඩපිළිවෙලක් සකස් කරන බව විදේශ කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප‍්‍රකාශ කරයි.

පුද්ගලයන් 18 දෙනෙකුගේ ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ කොසිකොඩ් නගරය ආසන්නයේ මගී ගුවන් යානයක් ඊයේ අනතුරට පත්ව තිබේ. අධික වාර්ෂා තත්වය යටතේ යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් -19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබිය දී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ.

ගෝලීය වශයෙන්‌ වාර්තා වන කොරෝනා ආසාදිතයින්‌ සංඛ්‍යාව අද එක්කෝටි අනූලක්‍ෂ 23,000 ඉක්මවා ගියා.

ලොව දෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 54,685ක්.

අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් නව ලක්ෂ හැත්තෑ තුන් දහස ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 55,148 දෙනා සමගයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවු මරණ සංඛ්‍යාව අද වන විට හත් ලක්ෂ එකොළොස් දහස ඉක්මවයි.

ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවු දැවැන්ත් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 135 ඉක්මවා තිබේ. 5,000කට වැඩි පිරිසක් සිද්ධියෙන් තුවාල ලැබීය. මෙය නොසැලකිලිමත්කම නිසා සිදු වූ පිපිරීමක් බව පවසමින් බේරූට් වරායේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියේ තැබීමට රජය නියෝග කර තිබේ.

ලෙබනනයේ බේරූට් නුවර වරාය ප්‍රදේශයේ විශාල පිපිරීම් දෙකක් වාර්තා වෙයි.

චීනයේ සේවා වෙළඳාම් වටිනාකම මේ වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක් වූ බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

නිවර්තන සුළි කුණාටුවක් වන “ඉසයියාස්” ලෙස නම් කර ඇති චණ්ඩ මාරුතය අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කරමින් තිබේ.

අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම නැවතත් උත්සන්න වී තිබේ.

Latest News