කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලොව සංවර්ධිත මෙන්ම, සංවර්ධනය වෙමින් පවත්නා ජාතීන් රැසක් ඉතා අසීරු හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා සිටී.

කොවිඩ් - 19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ.

මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාමීය බැතිමතුන්ට සහභාගිවීමට ඇති අවස්ථාව සීමා කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇත.

කොරෝනා වෛරසයට නව ඒන්නතක් සාර්ථකව අත්හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමත්ව තිබෙනවා.

ප්‍රංශයේ Naoned නගරයේ 15 වැනි සියවසේ ඉදි කරන ලද ගොතික් ආසන දෙව්මැදුරක, පසුගිය 18 වැනි දින ගින්නක් ඇති විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය ඓතිහාසික ප්‍රථම අගහරු මෙහෙයුම දියත් කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය බාධාවක් කර නොගෙන අඟහරු මෙහෙයුම දියත් කිරිමට කටයුතු කර ඇති අතර, සිය විද්‍යාත්මක සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීම මෙහෙයුමේ අරමුණයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ චීනයේ සිනමාශාලා අද යළි විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැසියන් අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බව, නගර බලධාරීන් නිවේදනය කරනවා.

ඉන්දියාවේ නගර කිහිපයකට ඇදවැටෙමින් තිබෙන අධික වර්ෂාව නිසා ජන ජීවිතයට දැඩි බලපෑම් ඇතිවී තිබෙනවා.

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා.

නිල වාර්තා කුමන අගයක් දැක්වුව ද ඉරාන වැසියන් මිලියන 25 කට පමණ වෛරසය වැළදී ඇති බවට එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාගේ රජය ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් විරෝධතාකරුවන් පිරිසක් බැංකොක් නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා.

2016 වසරේ දී ඇඩමා ට්‍රාරෝ නමැති ප්‍රංශ ජාතිකයෙකුගේ ඝාතනයට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර දහස් ගණනක ජනතාවක් විරෝධතා ව්‍යාපාරවල නිතර වුණා.

COVID -19 මගින් වසර ගණනාවක් පුරා පවතින ගැටුම් සහ සෙසු මානුෂීය අර්බුද වැනි ලෝකය මුහුණ දෙන ගැටලු උග්‍රවීමේ තර්ජනයක් මතුව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වංසගතයෙන් මේ වන විට මිලියනය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් ලොව බලවත්ම රටවල් තුනකින් වාර්තා වීම විශේෂත්වයක්.

ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.

ගෙවී ගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ් - 19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත්, සෙනසුරාදා ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාවේ සුපිරි නිළි ‍ඓෂ්චර්යා රායි සහ ඇගේ දියණිය ආරධ්‍යා බච්චන් කොවිඩ් 19 රෝගය හේතුවෙන් අද රෝහල් ගත කෙරිණ.

අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 41ක් ලක්‍ෂ 90,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයන් 34,177ක් වාර්තා වී තිබෙන බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News