පුද්ගලයෙකුට කොරෝනා දෙවරක් ආසාදනය වීම අවම බව පර්යේෂණයකින් හෙළිවේ

නොවැ 22, 2020

    ඒකම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය දෙවරක් ආසාදනය වීමට ඇති හැකියාව ඉතා අවම බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ.

    බ්‍රිතාන්‍යයේ ඔක්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ, කොරෝනා ආසාදනය වූවෙකුට අවම වශයෙන් මාස 6ක් යනතුරු යළිත් වෛරසය ආසාදනය වීමට ඇති හැකියාව විරල බවයි.

    කොරෝනා වෛරසය මර්දනය කිරීමේ නිරත ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරින් පිරිසක් යොදා ගනිමින් පර්යේෂණය සිදුකර තිබේ. කෙසේ වුවද, අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි අසූ හතර ලක්ෂය ඉක්මවා ගිහින්. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 13න් ලක්ෂ 86 දහසකට අධිකයි.

    අද වනවිට මිලියන 12කට අධික කොරෝනා ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවේ අවසන් මිලියන 2ක ආසාදිතයන් සංඛ්‍යාව හඳුනා ගැනුණේ, ඉකුත් දින 12 තුළයි. ඒරටින් ඉකුත් පැය 24 තුළ පමණක් අලුතින් ආසාදිතයන් ඒක් ලක්ෂ හැත්තෑ දෙදහසකට අධික පිරිසක් හඳුනා ගනු ලැබීය. ඒම කාලසීමාවේ සිදුවූ මරණ 1460ත් සමඟ ඒරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ 61,000 ඉක්මවා ගියේය.

    ඉන්දියාවෙන් ඊයේ කොරෝනා නව ආසාදිතයන් 45,000 දහස් 295 දෙනෙකු සහ මරණ 499ක් වාර්තා විය. ඉතාලියෙන් නව ආසාදිතයන් 34,000ක් ද, බ්‍රසීලයෙන් 32,000ක් ද, රුසියාවෙන් හා පෝලන්තයෙන් ආසාදිතයන් 24,000 බැගින් ද හඳුනාගෙන තිබේ.

    ඉකුත් පැය 24 තුළ අමෙරිකාවට පසු ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ මෙක්සිකෝවෙන්. ඒම මරණ සංඛ්‍යාව 719ක්. ඒ් සමඟ ඒරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂය ඉක්මවා ගියේය.

    ලොව මේ දක්වා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ රටවල් 4ක් වේ. ඒ් අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවට සහ මෙක්සිකෝවට පසුව ඉතාලියෙන් කොරෝනා මරණ 692ක්, පෝලන්තයෙන් 574ක්, ඉන්දියාවෙන් 499ක්, රුසියාවෙන් 467ක් සහ ඉරානයෙන් මරණ 438ක් වාර්තා වී තිබේ.

    Latest News