සදේ පාෂාණ එකතු කිරීමට චීනයෙන් මෙහෙයුමක්

නොවැ 23, 2020

    සදේ පාෂාණ එකතු කිරීම සඳහා චීනය නව ‍මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙයි.

    මෙවැනි මෙහෙයුමක් දියත් වන්නේ, වසර 40කට පමණ පසුව වීම විශේෂත්වයක්. සඳෙහි පාෂාණ නැවත පෘතුවිය වෙත රැගෙන ඒමට මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් මේ සතිය තුළ දියත් කිරීමටයි,චීනය සැලසුම් කර ඇත්තේ.

    1970න් පසු සඳෙන් පස් සාම්පල ලබා ගැනීම සඳහා ‍ලොව දියත් වන පළමු මෙහෙයුම මෙය ලෙස සැලකෙයි. 'චැං5' නොහොත් පුරාණ චීන චන්ද්‍ර දේවතාවියගේ නමින් යානය නම් කර තිබේ.

    මෙමගින් රැස්කරන පාෂාණ වලින්,චන්ද්‍රයාගේ මුලාරම්භය සහ විකාශනය පිළිබඳ විද්‍යාඥයන්ට පෘතූල දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇති. චන්ද්‍ර ගවේෂණයෙ වඩාත් සංකීර්ණ මෙහෙයුම්වලට පෙර දුරස්ථව සිට සාම්පල ලබා ගැනීමට චීනයට ඇති හැකියාව මෙම මෙහෙයුමෙන් පරීක්ෂා කෙරේ.

    මෙහෙයුම සාර්ථක වුව‍හොත් අමෙරිකාවට සහ සොවියට් සමූහාණ්ඩුවට පසු දශක ගණනාවකින් චන්ද්‍ර සාම්පල ලබා ගත් ලොව තෙවැනි රට බවට චීනය පත්වෙයි.

    Last modified on සදුදා, 23 නොවැම්බර් 2020 11:40

    Latest News