බෝඕ ආසියානු සංසදයේ  2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරුවේ චීනයේ හයිනාන් පළාතේ බෝඕ නගරයේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට කොවිඩ්-19 වෛරසය වැළදී තිබේ.

යුක්‍රේනය හා රුසියාව අතර හටගෙන ඇති රාජත්‍රාන්ත්‍රික අර්බුදය විසදීම සඳහා යුරෝපා සංගමයේ අවදානය යොමුව තිබේ. යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙන් පවසන්නේ, ඉතා සුළු සිදුවීමකින් දෙරට අතර යුධ ගැටුමක් ඇතිවිය හැකි බවයි.

ලෝකය ඉතා විශාල දේශගුණික අර්බුදයකට මුහුණ දීමේ අවදානමකින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

කියුබානු කමියුනිස්ට් පක්ෂයට නව නායකයෙක් තෝරාපත් කර ගෙන තිබේ. එම පක්ෂයේ නායකත්වය කස්ත්‍රෝ පවුලෙන් ඉවත් වන්නේ වසර 60ටක පසුවයි.

එකළොස් දෙනෙක් මරණයට පත් කරමින් පසුගිය ඉරිදා දින සිදු වු ඊජිප්තු දුම්රිය අනතුරට හේතුව තවමත් හෙළිවී නොමැති බව වාර්තා වෙයි.

වසරකට ආසන්න කාලයකට පසු නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ වැසියන්ට දෙරට අතර සංචාරය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

නවදිල්ලි නගරය සති අන්තයේ වසා දැමීමට ඊයේ(17) පියවර ගෙන ඇත. ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම හේතුවෙන්.

බ්‍රසීලයේ සිට පැමිණෙන සංචාරකයින්ට දැඩි නිරෝදායන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 32 ඉක්මවා තිබේ.

කුමරුගේ දේහය ඊයේ පැවති රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ විශේෂ ස්ථානයක තැන්පත් කෙරිණ.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළයාම හේතුවෙන්, නවදිල්ලි නගරය සති අන්තයේ වසා තැබීමට අද පියවර ගැණින.

කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රාවුල් කැස්ත්‍රෝ ඊයේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 7.10ට පමණ බ්‍රිතාන්‍ය පිිලිප් කුමරුවන්ගේ අවමංගල්‍ය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දියාව තුළ මේ වන විට සමස්ත ආසාධිතයන් 1 කෝටි 45 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14 කෝටි 5 ලක්ෂ 23,000 ඉක්මවා තිබේ.

එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අවමංගල්‍යය, ශ්‍රී ලංකාවේ වේලාවෙන්, හෙට (17) පස්වරුවේ සිදු කෙරේ.

බ්‍රසීලයේ කොවිඩ්19 මරණ ඉහළ අගයකට පැමිණ තිබේ.

ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයින් 216,000 ට අධික පිරිසක් වාර්තාවී තිබේ.

චීනය ගල් අගුරු භාවිතයෙන් පුනර්ජනනීය බලශක්ති වෙත මාරු වීම තුළින් ඩොලර් බිලියන 1.6 ක් ඉතිරි කර ගත හැකි බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

Latest News