ලොව වැඩිම දෛනික ආසාදිතයින් අමෙරිකාවෙන්

අගෝ 19, 2021

    ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන් ඊයේ යළි වාර්තා වුණා.

    එම සංඛ්‍යාව එක් ලක්ෂ පනස් අට දහස් එකසිය විසි හතක්. එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද දහස ඉක්මවා ගියා. අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි අසූ එක් දහසකට ආසන්නයි. එරට සමස්ත කොරෝනා මරණ ද හය ලක්ෂ හතළිස් එක් දහස ඉක්මවනවා.

    දරුවන් අතර වෛරසය ව්‍යාප්තිය තවමත් ඉහළ යමින් පවතින බවයි, අමෙරිකාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඉකුත් සතියේ එරටින් කොරෝනා ළමා රෝගීන් එක් ලක්ෂ විසි එක් දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.

    සීඝ්‍රයෙන් බෝවන සුළු ඩෙල්ටා ප්‍රභේයෙන් දරුවන්ට වන හානිය පාලනය කිරීමට කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙසයි,  අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් එරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    දෛනිකව කොරෝනා රෝගීන්ගේ වැඩිවීමත් සමග බොහෝ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයක් ද මතුව ඇති බවයි, වාර්ථා වන්නේ.

    Latest News