හයිටි අගමැති ඝාතන උත්සහය අසාර්ථක වෙයි

ජන 04, 2022

    හයිටි අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා එරට නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වී සිටියදීයි, ප්‍රහාරය එල්ල විය. එම උත්සවයේ දී තුවක්කුකරුවන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රිට වෙඩි තැබීමට උත්සහ දරා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    අග්‍රාමාත්‍ය ආරක්ෂක භටයින් එම ව්‍යර්ථ කිරීමට සමත් විය. ප්‍රහාරයට ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක්ම වගකිව යුතු බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
    දෙපිරිස අතර ඇතිවූ ගැටුම්වලින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

    හයිටි රාජ්‍යය මේ වන විට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණදී සිටියි. එරට ජනාධිපතිවරයා ද පසුගිය ජුලි මාසයේ දී ඝාතනය කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 15:56

    Latest News