කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනී නගරයේ ජනාකීර්ණ අවන්හලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) වාර්තා වූයේ අමෙරිකාවෙන්.

"එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට අයත් ව්‍යාපෘති ක්‍රියාත්මක  රටවල් සමඟ ඇති ආයෝජන සහයෝගීතාව චීනයේ විදේශ ආයෝජනවල කැපී පෙනෙන අංගයක් වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක  ගඕ ෆෙං මහතා කියාසිටී. එසේම, එම ආයෝජන සහයෝගීතා අඛණ්ඩව ඉහළ යමින් පවතී.

යුරෝපා කලාපයේ මෙන්ම විවිධ රටවල ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය තවමත් අවිනිශ්චිත තත්වයට පත්ව තිබේ.

ලොව පුරා කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්වුණේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී. ඒ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

මොන්ටිනේග්‍රෝ රාජ්‍යයේ ජනාධිපති මිලෝ ජුකනොච්චි හට කොවිඩ් ආසාදනය වී තිබේ.

යුරෝපා රටවල් රැසකම කොරෝනා අවදානම යළිත් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපය තුළ රටවල් කිහිපයකින්ම වාර්තා ගත රෝගීන් පිරිසක් හමුවිය.

ද.කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගූන් ගේ හට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඇය දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් සිරදඩුවම් සිටිමින් සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ - තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසර දී තිබේ.

කො‍රෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් චීනයේ, ෂියෑන් නගරය සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විට ලොව වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත්තේ ද එක්සත් රාජධානියයි.

අමෙරිකාවේ ජනගහන වර්ධන වේගය මේ වසර තුළ වාර්තා ගත පහළ යාමක් පෙන්නුම් කර තිබේ.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා කලාපයේ සෞඛ්‍ය පද්ධතිය එහි උපරිම මට්ටම දක්වා පැමිණෙනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

පරිපූර්ණ ලෙස සංරක්ෂණය වූ ඩයිනොසර් කළලයක් චීනයෙන් සොයා ගෙන තිබේ. පර්යේෂකයන් පවසන්නේ, මෙය වසර මිලියන 66ක් පමණ ඉපැරණි බවයි.

බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, ලක්‍ෂයකට ආසන්න වීමත් සමඟ රට තුළ නත්තල් උත්සව අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන අමෙරිකාව ඇතුළු සියලු රටවල ක්‍රීඩකයන් සාදරයෙන් පිළිගන්නා බව චීනය කියාසිටී.

එළඹෙන නන්තල් සමයත් සමඟ ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවට අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයෙකු වන ඇන්තනී ෆවුචි අනතුරු අඟවනවා.

ඇෆ්ගනිස්තානයේ ආහාර හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් විපතට පත්වී සිටින ජනයාට සහන සැලසීම සඳහා ඉස්ලාමීය රටවල් හදිසි අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා.

චිලී හි ඊයේ (19) පැවති ජනාධිපතිවරණයෙන් 35 වියැති ගේබ්‍රියල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ.

Latest News