ශ්‍රී ලංකාවට, බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහයෝගය

මැයි 31, 2022

    පවතින අර්බුදය හමුවේ බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කරයි.

    බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

    ඒ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ එහි දී තමන් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ බොරිස් ජොන්සන්ව දැනුම්වත් කළ බවයි.

    විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා ශ‍්‍රී ලංකාවට සහාය වීම සඳහා බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රතිඥා දුන් බව අග‍්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ සදහන්.

    power 900px 22 05 3

    Latest News