ලොව 6වැනි විශාලතම දුම්රිය ජාලය ඊජිප්තුවේ ඉදිවේ....

මැයි 30, 2022

    ඊජිප්තුව යුරෝ බිලියන 8ක දැවැන්ත ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

    ඒ, ලොව 6වැනි විශාලතම දුම්රිය ජාලය එරට තුළ ගොඩනැගීමටයි. ඊජිප්තු බලධාරින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ, ජර්මානු සමාගමක් සමගයි. සේමන්ඩ්ස් නැමැති සමාගම, ඊජිප්තුවේ අධිවේගී දුම්රිය පද්ධතිය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය භාරව ක්‍රියා කරනවා. මෙම දුම්රිය පද්ධතිය මගින් නයිල් නදිය සහ මධ්‍ය ධරණී මුහුද ආශ්‍රිත කලාපය ඒකාබද්ධ කෙරෙන අතර එමගින් සුවිශාල ආර්ථික වාසි රැසක් අත්වනු ඇති. කිලෝ මීටර් 2,000කට අධික දුරින් යුතු මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඩොලර් බිලියන 8.7ක මුදලක් වැය වනවා. ජර්මානු සමාගම එහි වසර 175ක ඉතිහාසය තුළ සිදු කරනු ලබන දැවැන්තම ව්‍යාපෘතිය මෙය බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News