බ්‍රසීලයේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මියගිය පිරිස 100 ඉක්මවයි... DW

බ්‍රසීලයේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මියගිය පිරිස 100 ඉක්මවයි...

ජූනි 01, 2022

    ඊසාන දිග බ්‍රසීලයේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මියගිය පිරිස 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සඳහන් කර ඇත්තේ, පීඩාවට පත් වූවන්ගේ ජීවිත නගා සිටුවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ඉකුත් වසරේ ද මෙම ප්‍රදේශවල සිය ගණනක පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් දහස් ගණනක පිරිසක් අවතැන් වූවා.

    මෙවර ව්‍යයසනයට ලක්ව සිටින පුද්ගලයින්ට ආධාර කිරීම සඳහා බ්‍රසීල ජනාධිපතිවරයා විසින් ඩොලර් මිලියන 210ක ආධාර වෙන්කර ඇති බවයි, වාර්තා වන්නේ. ස්වභාවික ආපදා හේතුවෙන් 6,200කට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී තිබෙනවා. සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගත හැකි බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News