ඓතිහාසික විඥානය සහ සංස්කෘතික ආත්ම විශ්වාසය ශක්තිමත් කළ යුතුයි - චීන ජනපති

මැයි 30, 2022

    ජනතාවගේ ඓතිහාසික විඥානය සහ සංස්කෘතික ආත්ම විශ්වාසය ශක්තිමත් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. 

    චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ, චීන ශිෂ්ටාචාර ගවේෂණය පුළුල් කිරීම පිළිබඳ අධ්‍යයනයට 27 වැනිදා එක්වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.  චීන ශිෂ්ටාචාරය යනු, චීන ජාතියේ ආධ්‍යාත්මික අනන්‍යතාව හා සමකාලීන චීන සංස්කෘතියේ පදනමයි. එසේම එය ලොව පුරා චීන ජනතාව සම්බන්ධ කරන ආධ්‍යාත්මික බැඳීම මෙන්ම චීන සංස්කෘතික නවෝත්පාදනයේ වස්තුබීජය බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.  

    විවිධ ර‍ටවල ජනතාව සිය රටවලට ගැලපෙන අනන්‍ය වූ සංවර්ධන මාර්ග ගවේෂණය කිරීම කෙරෙහි ගෞරව කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ශිෂ්ටාචාර පරතරය සහ ගැටුම් වෙනුවට, ශිෂ්ටාචාර හුවමාරුව, අධ්‍යයනය සහ සහජීවනය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News