නේපාල ගුවන් යානයක් කඩා වැටේ...

මැයි 29, 2022

    පුද්ගලයින් 20 දෙදෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

    සංචාරකයින් 19 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ. පුද්ගලික සමාගමකට අයත් යානයක් වන මෙය නේපාලයේ "පොකාරා" ගුවන් තොටුපළින් ගුවන් ගතවී විනාඩි කිහිපයකට පසු අතුරුදන් වී තිබුණා. "තාරා එයාර්" ගුවන් සමාගමට අයත් යානයේ ඉන්දියානු, ජර්මානු, ජපන් සහ නේපාල ජාතිකයින් පිරිසක් ගමන් කරමින් සිටි බවයි, වාර්තා වන්නේ.

    යානය එරට බටහිර කඳු පන්තිය තුළ පිහිටි ජොම්සොම් ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබුණා. යානය අනතුරට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති බවයි, නේපාල රජය පවසන්නේ.

    නේපාලයේ කඳුකර ගුවන් තොටුපළ පද්ධතිය තුළ අනතුරු රැසක් වාර්තා වී ඇත්තේ, භූමියේ ඇති ස්වභාවය සහ ශීඝ්‍රයෙන් වෙනස්වන සුළු කාලගුණ තත්වයන් හේතුවෙන්. අතුරුදන් වූ යානය වසර 43ක් පැරණි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මේ වනවිටත් ගුවන් නියමුවාගේ දුරකතනය නාද වන අතර, ඒ ඔස්සේ යානය මුස්තාන්ග් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි, හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශයට පවතින අධික වාර්ෂාව නිසා මෙහෙයුම් කටයුතු ඉතා අසීරු වී ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    Last modified on ඉරිදා, 29 මැයි 2022 18:51

    Latest News