ප්‍රබලතම චන්ද්‍රිකාව සාර්ථක කක්ෂගත කරයි

දෙසැ 06, 2018

    ඉන්දියාව තම ප්‍රබලතම චන්ද්‍රිකාව සාර්ථක කක්ෂගත කිරීමට සමත් වෙයි. අන්තර්ජාල සබඳතා පුළුල් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

    "ද බිග් බර්ඩ්" යන නමින් චන්ද්‍රිකාව නම් කර ඇත. එය මෙතෙක් ඉන්දියාව කක්ෂගත කළ විශාලතම චන්ද්‍රිකාවයි. බර කිලෝග්‍රෑම් 5,854කි. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා සිටියේ, ඊයේ දිනයේ දී ප්‍රංශයේ "කොවුරොවු" අභ්‍යවකාශ තොටුපොලින් චන්ද්‍රිකාව ගුවන්ගත කළ බවයි. ඒ ප්‍රංශ රොකට්ටුවක ආධාරයෙනි. ජීඑස්ටී - 11 වර්ගයේ චන්ද්‍රිකාවක් වන මෙය, දියුණුතම තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවකිය.

    මෙමගින් සමස්ත ඉන්දියාව පුරා සන්නිවේදන ජාලය පුළුල් වනු ඇති. හදිසි හා ආපදා අවස්ථාවල දී ඉන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි බව, ඉන්දීය විද්‍යාඥයෝ කියා සිටිති. එසේම, ගුවන් ගමන්වල දී අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් මෙම චන්ද්‍රිකාව හරහා ලබා දිය හැකි බව ද සඳහන් වේ. නුදුරේදීම එහි මෙහෙයුම් දියත් කරන බව, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කර තිබේ.

    Latest News