චීනයේ නාය යෑමකින් 17ක් අතුරුදන්

අගෝ 17, 2019

    චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇත.

    කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිත දුම්රිය ස්ථානයක නඩත්තු කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එහිදී කම්කරුවන් 11 දෙනෙකු බේරාගැනීමට සහන සේවකයින්ට හැකිව ඇති අතර අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් පවසයි.

    පසුගිය කාලය පුරා චීනයේ විවිධ ප්‍රදේශවල සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගල මරණ රැසක් වාර්තා වූ අතර පසුගිය මාසයේ ගුයිෂු ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    Latest News