න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය ගැන ඉරානයට චෝදනා

ජූලි 02, 2019

    ඉරානය 2015 එළඹි න්‍යාෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරමින් සිටින බව අන්තර්ජාතික නිරීක්ෂණ ආයතනයක් චෝදනා කරයි. 

    ඉරානය ඔවුන් සන්තකයේ තබා ගත හැකි, බලගැන්වූ යුරේනියම් ප්‍රමාණය ඉක්මවා ඇති බවයි අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජනිසිය පවසන්නේ. ඉරානය ලෝක බලවතුන් සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමකට අනූව සන්තකයේ තබා ගත හැකි බලගැන්වූ යුරේනියම් ප්‍රමාණය කිලෝ 300ක්. නමුත් මේ වන විට එම සීමාව ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා එම ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසුවයි, ඉරානය විසින් මෙම පියවර ගනු ලැබුවේ.

    න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය නොකරන ලෙස අනෙකුත් පාර්ශව ඉරානයෙන් ඉල්ලා සිටි අතර බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඉන් ප්‍රධානයි. ඉරානයේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් බරපතල ගැටලු රැසක් උද්ගතවනු ඇති බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 09:14

    Latest News