චීන - උතුරු කොරියානු නායකයින් අතර සාකච්ඡා

ජූනි 21, 2019

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Pyongyang හිදී උතුරු කොරියාවේ කම්කරු පක්ෂ සභාපති, එරට රාජ්‍ය සභාවේ සභාපති Kim Jong-un මහතා හමුවේ.

    නව ඓතිහාසික ඇරඹුම් ස්ථානයේ සිට චීනය හා උතුරු කොරියාව මුල් සිහිනය අමතක නොකර අත්වැල් බැඳ ගනිමින් ඉදිරියට ගෙන යමින් චීන කොමියුනිස්ට් පක්ෂය හා උතුරු කොරියා කම්කරු පක්ෂය මෙන්ම දෙරට අතර සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබේ.

    පසුගිය වසරේ සිට මේ දක්වා සභාපති සහෝදරයා සිව් වතාවක් හමු වූ බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

    චීන උතුරු කොරියා සබඳතාව පිළිබඳ අලුත් පරිච්ඡේදයක් නිර්මණය කරමින් ගැඹුරු මිතුදමෙන් බැඳී සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.

    මේ වසර චීනය හා උතුරු කොරියාව රාජ්‍යත්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරික වසරයි.

    එය දිගු කාලීනව පවතින දෙපක්ෂ මෙන්ම දෙරට සබඳතා ඉදිරියට ගෙන යාමට දැවැන්ත අර්ථයක් සපයන බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    මෙම සංචාරය හරහා චීන - උතුරු කොරියා සබඳතාව පිළිබඳ නව පරිච්ඡේදයක් බිහි කරනු ඇතැයි හෙතෙම විශ්වාස පළ කර තිබේ.

     

    china 2 px 900 21 06 2

    Latest News