හඳුනානොගත් රෝගය කොංගෝ වනසයි

දෙසැ 05, 2024
    හඳුනානොගත් උණ රෝගයකින් නිරිත දිග කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මියගිය අයගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 ත් 18 ත් අතර පසුවන්නන් බවයි.

    උණ, හිසරදය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහ රක්තහීනතාව මෙහි රෝග ලක්ෂණ බවයි සෞඛ්‍ය අංශ ‍පවසන්නේ.
    එම ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා.
    රෝගීන් බහුලව වාර්තාවන ක්වංගෝ පළාතට සහ පැන්සි කලාපයට විමර්ශන සඳහා සෞඛ්‍ය නිලධාරි කණ්ඩායම් යොදා ඇති බවයි කොංගෝ රාජ්‍ය පවසන්නේ.
    වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර එය ඉදිරියේදි අවදානම් තත්වයක් බවට පත්වනු ඇති බවද සෞඛ්‍ය බලධාරින් සඳහන් කරනවා.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපයේ නිලධාරින් ප්‍රකාශ කරන්නේ රෝගය පැතිර ඇති ප්‍රදේශවලින් පරීක්ෂණ සාම්පල ලබාගනිමින් සිටින බවයි.

    Latest News