හමාස් උප නායක මියයයි

ජන 03, 2024
    හමාස් සංවිධානයේ උප නායකයා ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ලෙබනනයේ සිටින හමාස් සාමාජිකයින් ඉලක්ක කර ගොඩනැගිල්ලක් වෙත ඊයේ එල්ල කෙරුණු ප්‍රහාරයකින්.

    සාලේ අල්-අරූරි, හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ආරම්භක අණදෙන නිලධාරියෙක්. ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හමාස් සංවිධානය ඔහුගේ මරණය දැඩිව හෙලා දැක ඇති බවයි. හමාස් සංවිධානයේ උප නායකයා මෙන්ම, සංවිධානයේ අණදෙන නිලධාරීන් දෙනෙකු ඇතුළු තවත් සාමාජිකයින් සිව් දෙනෙකු ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් ඇති බව, හිස්බුල්ලා සංවිධානය නිවේදන කළා.

    ලෙබනනයේ පිහිටි ඉලක්කයක් වෙත මෙම ප්‍රහාරය එල්ල වීම හේතුවෙන්, හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, මෙය, ලෙබනන්හි ස්වෛරීත්වයට පහරදීමක් ලෙස සලකන බවයි. ගසා තිරයේ යුද ගැටුමට ලෙබනනය ද ඈඳා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ දරමින් සිටින බව, ලෙබනන අගමැති නජීබ් මිකාටි පවසනවා. කෙසේ වුවද, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, මෙය, ලෙබනනය හෝ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර සිදු කළ ප්‍රහාරයක් නොව, හමාස් නායකත්වය ඉලක්ක කොට එල්ල කළ ප්‍රහාරයක් බවයි.

    Latest News