පකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20ක් මරුට

නොවැ 19, 2022

    පකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,මිය ගිය පිරිස අතර දරුවන්ද සිටින බවයි. ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් පකිස්ථානයේ දකුණු "සින්ධ්" පළාතේ "සෙවාන්" ප්‍රදේශයේදී,  අනතුර සිදුවුණා. එහිදී කුඩා මගී බස් රථයක්, ජලය පිරුණු ගැඹුරු වළකට වැටී තිබෙනවා. මිය ගිය අය අතර දරුවන් 11 දෙනෙකු සිටින බවයි, පකිස්ථාන පොලිසිය පවසන්නේ.

    ඔවුන් අවුරුදු 2ත් 8ත් අතර වයස්වල දරුවන්. තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍යයයි. බසයේ රියදුරුට හැරවුම් පුවරුව නොපෙනී යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා. එම අවස්ථවේදී  බස් රථය "කෙයාපූර්හි"  සිට "සෙවාන්හි" සුප්‍රසිද්ධ"සූෆී" සිද්ධස්ථානයට ගමන් කරමින් තිබුණා.

    Latest News