සායි ඉන්ග් වෙන්ගෙන් ‍තායිවාන ජනතාවට පොරොන්දුවක්

ඔක් 10, 2022

    ‍තායිවානයේ ‍ස්වෛරිභාවය ආරක්ෂා කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව එරට  නායිකා, සායි ඉන්ග් වෙන් පවසනවා. එරට ජාතික දිනය නිමිත්තෙන් පැවති උත්සවය අමතමින් තායිවාන නායිකාව, මේ බව ප්‍රකාශ  කළාය.

    චීන සමූහාණ්ඩුවේ 111 වැනි ජාතික දිනය අදට යෙදී තිබෙනවා. ඊට අමතරව චීන සමූහාණ්ඩුව, තායිවානයට සංක්‍රමණය වීමේ 73 වැනි වසර ද, සපිරෙනවා. ඒ නිමිත්තෙන් අද විශේෂ සැමරුම් උත්සවය පැවැත්වුණේ  තායිපේ අගනුවර දී.

    මේ වන විටත් චීනය සහ තායිවානය අතර,  අර්බුදකාරී තත්වය තවදුරටත් උත්සන් වී ඇති පසුබිමකයි,  මෙවර තායිවාන ජාතික දිනය සමරනු ලබන්නේ.  ඒ නිමිත්තෙන් පැවති උත්සවය, වි‍ශේෂාංග ගණනාවකින් වර් ණවත් වී තිබිණ. 

    චීන - තායිවාන් අර්බුදයේ දී තායිවානයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරන ලෙස අමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් චීනයට අනතුරු අඟවයි.

    කෙසේ ‍වුවද, බටහිර රටවල මෙම බලපෑම් නිසා චීනය තවදුරටත් තායිවානයට එරෙහි සම්බාධක සහ දැඩි යටත් කර තබා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව, පැහැදිලිව පෙනී යන කරුණක්.

    Latest News