‍වෙනිසියුලාවේ නායයෑමකින් 22ක් මරුට... ALJAZEERA

‍වෙනිසියුලාවේ නායයෑමකින් 22ක් මරුට...

ඔක් 10, 2022

    ‍වෙනිසියුලාවේ නායයෑමකින් විසි දෙදෙනෙකු මිය ‍ගොස් තිබෙනවා.

    නායයෑම සිදුව ඇත්තේ, එරට "කැරකස්" අගනුවරට දකුණින් පිහිටි "ලාස් තෙජෙරීයාස්" නගරයේ. එරටට ‍ඇඳ හැ‍‍ලෙන ධාරනීපාත වැසි, නාය යෑමට හේතුවයි.  80 කට ආසන්න පිරිසක් අතුරුදහන් බවයි, වාර්තා වන්නේ. ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. වෙනිසියුලානු උප  ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, ආපදාවට ලක් වු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා. එරට ජනාධිපති නිකොලස් මධුරෝ කියා සිටියේ, මෙය අතිශය දුෂ්කර සහ වේදනාකාරී සිදු වීමක් බවයි. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 1000 කට අධික සහන සේවකයන්  යොදවා තිබෙනවා.

    Latest News