ඉරානයේ විරෝධතාවලට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතුයි - ඉරාන අධ්‍යාත්මික නායක

ඔක් 04, 2022

    තම රටේ ඇති වී තිබෙන විරෝධතාවලට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව, ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.

    එරට යුද හමුදා පොලීසිය අත්අඩංගුවේ සිටි කාන්තාවක් පසුගියදා මිය යාමෙන් අනතුරුව, ඉරානය පුරා උද්ඝෝෂණ රැසක් ආරම්භ වුණා.

    ඉරානයේ පවතින උද්ඝෝෂණ, මේ වන විට විශ්වවිද්‍යාල‍වලට ද ව්‍යාප්ත වී තිබෙනවා. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඊයේ ගැටුම් හට ගත්තා. එහිදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගැනුණා. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසන්නේ, තම රටට එරෙහි සතුරන් සහ සතුරන්ට හිතවාදී පිරිස් මෙම උද්ඝෝෂණ පිටුපස සිටින බවයි.

    Latest News