මොහොමඩ් බින් සල්මාන් කුමරුට එරට අගමැති ධුරය

සැප් 28, 2022

    සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

    සෞදියේ සල්මාන් රජු විසින් කැබිනට් සංශෝධනයක් මගින් මෙම පත් වීම සිදු කර ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ වන විටත් සෞදියේ “ඩි‍ - ෆැක්ටෝ රූලර්” නොහොත් තත්ත්‍ය පාලකයා ලෙසයි සැලකෙන්නේ.

    “ඩි‍ - ෆැක්ටෝ රූලර්” යනු ‍සැබෑ ‍පාලකයා නොවන නමුත්, පාලකයා කෙරෙහි සම්පූර්ණ බලපෑමක් ඇති කළ හැකි තැනැත්තායි. රාජාණ්ඩු ක්‍රමවල කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස එය සැලකෙනවා.

    සෞදිය ලොව විශාලතම තෙල් අපනයනකරුවායි. සල්මාන් කුමරු මින් පෙර එරට උප අගමැතිවරයා සහ ආරක්ෂක අමාත්‍යරවයා ලෙස ද ක්‍රියා කළා.

    සල්මාන් කුමරු අගමැති ධුරයට පත් වීමත් සමග එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහුගේ බාල සොහොයුරා ලෙස කලීඩ් බින් සල්මාන් කුමරු පත් කර තිබෙනවා.

    Last modified on බදාදා, 28 සැප්තැම්බර් 2022 11:48

    Latest News