ටෝකියෝ හි දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෛනිකව ඉහළට

ජූලි 29, 2021

    ටෝකියෝ නගරයේ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන මොහොතක මෙලෙස නව ආසාදිතයන් හඳුනා ගැනීම බරපතළ අර්බුදයක් බවයි සැලකෙන්නේ. ටෝකියෝ අවට ප්‍රාන්ත තුනක හදිසි තත්ත්වයක් කැඳවන ලෙසයි, බලධාරීන් ඉල්ලා සිටින්නේ. ඔලිම්පික් උළෙලට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 169ක්.

    Latest News