චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය අභ්‍යවකාශයට...

ජූලි 24, 2022

    වෙන්ටියැන් (Wentian) පර්යේෂණාත්මක මොඩියුලය සාර්ථකව ගුවන්‍ගත කෙරේ.

    චීනයේ වෙන්චං (Wenchang) අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 5 B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් අද (24) එය නිකුත් කෙරිණ. 
    චීනය, ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු සිදුවන 24 වැනි මෙහෙයුම මෙය යි. මෙය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ප්‍රථම මොඩියුලය වීම ද විශේෂත්වයකි.

    ගගනගාමීන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සහය වීම, ‍මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් මෙන්ම අභ්‍යවකාශ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයේ ප්‍රධාන කාර්ය භාරයන් බවට පත්වේ. එමෙන්ම ටියැන්හ (Tianhe) කෝර් මොඩියුලයේ සම පිටපතක් ලෙස, මෙම මොඩියුලයට අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනය කළ හැකිවීම ද සුවිශේෂ කරුණකි.

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට...

    Latest News