2004 වසරේ සිට 2015 වසර දක්වා වෙළෙඳපොළට නිකුත් කෙරුණු මෝටර් රථ මාදිලි කිහිපයක තිරිංග පද්ධතියේ අක්‍රමිකතාවක් අනාවරණය වීම මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
තිරිංග පද්ධතිය දිරායාමට ලක්වන බව අනාවරණය කර ගැනුණු බවයි, සමාගම පවසන්නේ. SUV, ML වර්ගවල සහ GL මාදිලියේ මෙන්ම R පන්තියේ අධි සුඛෝපභෝගී මෝටර් රථ වලින් මෙය වාර්තා වී තිබේ.
ගෝලීය වශයෙන් මෝටර් රථ 9 ලක්ෂ 93,407ක් මේ වන විට තම සේවා ස්ථාන වෙත ලබාගැනීමට බෙන්ස් සමාගම පියවර ගෙන තිබේ.
මේ අතරින් රථවාහන 70,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට ජර්මනිය තුළ ධාවනය වන බව සමාගම ප්‍රකාශ කරයි.