කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට කළ යෝජනාව ඉන්දීය අගමැති ප්‍රතිකේෂ්ප කරයි...

මැයි 27, 2022

    ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති කළ ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

    අගමැති මෝදි ප්‍රකාශ කර ඇත්තේ, ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාව සහය දියයුතු බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භාවිත කළ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත 1976 වසරේදී මෙරටට හිමි වුණා. ඒ, ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම යට‍තේ.

    එම දූපත ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නිරත ඉන්දීය ධීවරයින් විටින් විට අදාළ දූපත එරටට පවරා ගන්නා ලෙස ඉන්දීය රජයට බලපෑම් කරමින් සිටිනවා. ඒ, ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීමටත් එම කර්මාන්තය සඳහා එය අතරමැදි දූපතක් ලෙස භාවිත කිරීම ධීවර රැකියාව පහසුකරන්නක් බව පෙන්වා දෙමින්.

    ඒ අනුව, කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම කටයුුතු කරන ලෙස තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර සිං මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. චෙන්නායි හි පැවති උත්සව සභාවක් අමතමින් අගමැති මෝදි එම එල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවර භාවය සහ ආර්ථික පුනර්ජීවනය අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News