ඉතාලි සමාගමකට අයිති එම නෞකාව ඉකුත් සිකුරාදා ග්රීසියේ සිට ඉතාලි වරායක් වෙත පිටත්ව ගිය අතර, එහිදී නෞකාවේ මෝටර් රථ ගබඩා තට්ටුවක ගින්නක් හටගෙන තිබෙනවා. නෞකාවේ සිර වී සිටි පුද්ගලයින් 280 දෙනෙකු ගුවන් යානාවල ආධාරයෙන් මුදා ගැනීමට ග්රීක වෙරළාරක්ෂකයින් සමත් වුණා. 12 දෙනෙකු අතුරුදන්. නෞකාව අයත් සමාගම පවසන්නේ, මගීන් 239ක් හා කාර්ය මණ්ඩලයේ 51 දෙනෙකු මෙම නෞකාවේ ගමන් කළ බවයි. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.