නෙදර්ලන්තයෙන් 'ඔමික්‍රොන්' ආසාදිතයින් 13ක්

නොවැ 29, 2021

    නෙදර්ලන්තයෙන් ද කොරෝනා වෛරසයේ 'ඔමික්‍රෝන්' ප්‍රභේදය ආසාදනය වූ 13 දෙනෙකු වාර්තා වී තිබේ. ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට ගුවන් යානා දෙකකින් නෙදර්ලන්තය බලා පැමිණි පිරිසක් බවයි, වාර්තා වන්නේ.

    දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව තවමත් පර්යේෂණ සිදු කරමින් පවතියි. වෛරසය එන්නත් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තාවක් නොමැති බැවින්, රටවල් බොහොමයක් දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා සංචාරක තහනම් සීමා කිරීම් පනවා තිබේ.

    ලෝක සෞඛ්‍ය වාර්තා අනූව නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන අතර මරණ වැඩි වශයෙන් සිදුවිය හැකි බව පෙන්වා දී තිබේ. මේ නිසා දැනට කොවිඩ් ප්‍රතිශක්තීකරණ ‍එන්නත් ලබා ගෙන ඇති දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා ද බොහෝ රටවල් සංචාර තහනමක් පැන වීමට කටයුතු කර තිබේ.

    මේ වන විට නව ප්‍රභේදය බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලට ව්‍යාප්ත වී ඇති අතර නෙදර්ලන්තය තුළින්ද වාර්තා වීම හේතුවෙන් යුරෝපීය රටවල් දැඩි අවදානමක පසු වන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 12:58

    Latest News