කොරෝනා සීමාවන්ට එරෙහි උද්ඝෝෂණ තවදුරටත්...

නොවැ 21, 2021

    යුරෝපයේ කොරෝනා මර්දන සීමාවන්ට එරෙහි විරෝධතා සහ උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

    ඒ, මධ්‍යම යුරෝපය ඇතුළු රටවල් කිහිපයක කොරෝනා ආසාදන ඉහළයාම නිසා දැඩිසීමා පැනවීමට යළි තීරණය කිරීමත් සමගයි.  කොරෝනා මර්දන සීමාවන්ට එරෙහිව ස්විට්සර්ලන්තය, ක්‍රොයේෂියාව, ඉතාලිය, උතුරු අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල ඊයේ සිට විරෝධතා ආරම්භ වුණා.

    එළැඹෙන නත්තල් සමයේ වෙළඳාම් කටයුතු සීමා කිරීම, අනිාවාර්ය එන්නත්කරණය සහ කොරෝනා එන්නත ලද බවට, නිකුත් කෙරෙන සහතික පත්‍රය අනිවාර්ය කිරීම යන කරුණු මෙම විරෝධතාවලට හේතුවී තිබෙනවා.

    Latest News