තෙල් බවුසරයක් පුපුරා 91 ක් මරුට...

නොවැ 06, 2021

    බටහිර අප්‍රිකානු රටක් වන සියරා ලියෝන් හි තෙල් බවුසරයක් පපුරා යාමෙන් 91 දෙනෙකු මියගොස් ඇත.

    ෆ්‍රී ටවුන් අගනුවරදී මෙම පිපිරීම සිදුව ඇත්තේ, රිය අනතුරක ප්‍රතිඵලයක් වශයෙන්.  පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධිකයි. ෆ්‍රී ටවුන් අගනුවර ජනාකීර්ණ මංසන්ධියකදී ලොරි රථයක් සහ පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙකට ගැටී තිබේ.

    අනතුරෙන් පසුව බවුසරයෙන් පෙට්‍රල් කාන්දු වීමට පටන්ගත් බව සිද්ධිය දුටුවන් පවසනවා. මද වේලාවකින් ගිනි ඇවිලී ප්‍රබල පිපිරීමක් හටගෙන තිබෙනවා. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Latest News