අධික දුම නිසා බෙයිජිං අධිවේගී මාර්ග වැසේ

නොවැ 06, 2021

    අධික දුමාරය හේතුවෙන් චීනයේ බෙයිජිං අගනුවර අධිවේගී මාර්ග හා පාසල් ක්‍රීඩාංගන වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

    මාර්ග සංඥා පවසා නොපෙනෙන තරමට අධික දුමාරයක් පවතින බවයි වාර්තා වන්නේ. 

    ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය සිදු කරන රට වන්නේ ද චීනයයි. පොසිල ඉන්ධනවල මිල අධික වීම හේතුවෙන් ගල් අඟුරු නිෂ්පාදනය ඉහළ යෑම වායු දූෂණයට හේතු වී ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    බෙයිජිං ඇතුළු උතුරුදිග චීනය, ඝන දුමාරයකින් වැසී ගොස් තිබේ. එය පහව යනු ඇතැයි, පරිසරවේදීන් අපේක්ෂා කරයි. චීනය පසුගිය නොවැම්බර් 3 වැනිදා සිට දෛනිකව ගල් අඟුරු ටොන් මිලියන 11.2ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි වාර්තා වන්නේ. 

    Latest News