ෆයිසර් සමාගම නිපදවූ ඖෂධ කරලෙන් 89%ක සාර්ථකත්වයක්

නොවැ 06, 2021

    අමෙරිකාවේ ෆයිසර් සමාගම කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති නව ඖෂධය 89%ක් පමණ සාර්ථක බව එම සමාගම පවසයි.

    එය ඖෂධ කරලක් ලෙසයි, නිෂ්පාදනය කර ඇත්තේ. සමාගම අපේක්ෂා කළ පර්යේෂණ කාල සීමාවටත් පෙර ඖෂධය යහපත් ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් එය භාවිතයට පියවර ගන්නා බවයි සමාගම පවසන්නේ.

    ඖෂධය ලබාගත් පුද්ගලයන්ගෙන් 89%ක පිරිසක් මරණයට පත් නොවූ බව, සායනික පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ‍බලධාරීන් මෙම ඖෂධය භාවිතය දැනටමත් අවසර ලබාදී ඇති අතර දෙලක්ෂ පනස් දහසක ඖෂධ තොගයක් දැනටමත් ඇනවුම් කර ඇති බව වාර්තා වෙයි.

    Latest News