වෙනිසියුලාව සියලු පාසල්, විශ්ව විද්‍යාල විවෘත කරයි...

ඔක් 26, 2021

    වෙනිසියුලාවේ සියලු පාසල් සහ විශ්ව විද්‍යාල ඊයේ සිට යළි විවෘත කෙරුණා.

    කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ පාසල්, දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කිරීමට පියවර ගත් බවයි බලධාරින් පවසන්නේ. සිසුන්ගේ පැමිණීම සැලකිය යුතු මට්ටමක පැවති බව වෙනිසියුලා අධ්‍යාපන බලධාරින් පවසනවා.

    එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 400,000 කට අධිකයි. මිලියන 28.7 ක් වූ වෙනිසියුලාවේ ජනගහනයෙන් 56% ක් අවම වශයෙන් කෙරෝනා මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙනවා. එහෙත්, පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත්තේ 22% කටත් වඩා අඩු පිරිසක්.

    Latest News