'කොවිඩ් නිසා පීඩාවට පත් ක්ෂේත්‍ර නඟා සිටුවීමට ගෝලීය එකමුතුවක් අවශ්‍යයි'

සැප් 29, 2021

    කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ක්ෂේත්‍රයන් සහ සේවකයන් නඟා සිටුවීමට ගෝලීය එකමුතුවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසයි.

    ඊට ඩොලර් ට්‍රිලියන එකක අරමුදලක් ඉදිරිපත් කරන ලෙසයි ඔහු ලොව පොහොසත් රටවලින් ඉල්ලා සිටින්නේ.

    නිව්යෝර්ක්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා අවධාරණය කළේ මෑත කාලයේ ලෝකය මුහුණදුන් බරපතලම ගෝලීය මහජන සෞඛ්‍ය හා ආර්ථික අර්බුදය වන කොරෝනා වසංගතය පාලනය කරමින් අසමානතාවන් ඇති නොවීමට ක්‍රියාකළ යුතු බවයි.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 10:33

    Latest News