සීමාවන්ට යටත්ව ජපානයත් විවෘත කිරීමට සූදානම්

සැප් 29, 2021

    ජපානය ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය හෙට ඉවත් කෙරෙනවා.

    ඒ, එරට කෙරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවන්ගේ අඩුවීම හේතුවෙන්.  ජපාන රජය කොරෝනා වසංගතය පාලනය සඳහා මාස 06 ක් පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කළා. එරට බලධාරින් පවසන්නේ, යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි. ඩෙල්ඩා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, එරට පසුගිය මාසයේ ඇතිවූ 5 වැනි කොරෝනා රැල්ලට ප්‍රධාන හේතුවයි.

    එම ව්‍යාප්තියත් සමග කොරෝනා අසාදිතයන් වැඩිවීම හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දැඩි බලපෑමකට ලක්වුණා. වසංගතය පාලනය සඳහා ජපාන රජය එරට ජනගහනයෙන් 80% ක පමණ හදිසි සීමා පැණවීමට තීරණය කෙරුණා. එරට එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් වීම මෙම තීරණය ගැනීමට හේතුවූ බවයි, එරට බලධාරින් පවසන්නේ. මේ වන විට ජපානයේ වැඩිහිටි ජනගහනයෙන් 60% ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිනවා.

    Latest News