වයස 65 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නතක්...

සැප් 24, 2021

    ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝග පාලනය දුෂ්කර වී ඇතැයි, අමෙරිකා සෞඛ්‍ය අංශ පවසයි. 

    මේ අතර වයස අවුරුදු 65 ට වැඩි ජනතාව සඳහා ෆයිසර් බූස්ටර් එන්නතක් ලබාදීමට ද අමෙරිකානු ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත.  ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වන්නේ, අමෙරිකාවෙන්, එම සංඛ්‍යාව 42,600,000 කට අධිකයි. එරටින් වාර්තා වන මරණ ගණන 684,000 ඉක්මවා ඇත. ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 127,463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,974 ක්.

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 18:44

    Latest News