ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ ආසාදිතයින් 30,809 ක්...

සැප් 20, 2021

    ලොව දෙවනුවට වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 30,809 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 296 ක්.  

    එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,400,000 කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 450,000 ඉක්මවා ඇත. මේ අතර, ඉන්දියාවේ හින්දු භක්තිකයන් ඊයේ ගණදෙවියන් උදෙසා ආගමික උත්සවයක් සංවිධානය කර තිබේ. "විසර්ජන්" නමින් හඳුන්වනු ලබන මෙම උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇත. මෙය රට තුළ නැවතත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබීමත් සමග රජය විසින් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කර තිබේ. ප්‍රාන්ත කිහිපයක පාසල් විවෘත කිරීමට ද තීරණය කර ඇත. එන්නත්කරණය වේගවත් කිරීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එය සාර්ථක වුවහොත්, රට නැවත විදේශ සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි, ඉන්දීය බලධාරින් පවසන්නේ.

    Latest News