සෞදියෙන් පිටවීම තහනම් වූ කෂෝගිගේ පුතු ඇමෙරිකාවට

ඔක් 26, 2018

    පසුගියදා තුර්කියේ කොන්සිල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර සිය පවුලේ සාමාජිකයින් ද සමග අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු අමෙරිකානු හා සෞදි ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකාවේ මේවන විට සිටින සාලාගේ සහෝදර සහෝදරියන් සමඟ ඔහු එක්වනු ඇති බවට ද සදහන් වේ.

    කෂෝගි පවුලට සෞදි රජය විසින් සංචාරක තහනමක් පනවා තිබුණි.

    නමුත් එම තහනම ඉවත් කිරීමත් සමග ඔවුන් වොෂින්ටන් බලා පිටත්ව ගොස් ඇති බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය සදහන් කළේය.

    සබැදි පුවත්

    කෂෝගිගේ අවසන් කොලම

    "කෂෝගි"ඝාතනය සැඟවීම දරුණුතම කරුණක් - ට්‍රම්ප්ගෙන් චෝදනා

    කෂෝගී ගැටුමකින් පසු මිය ගියා - සෞදි රජය පිළිගනී

    "කෂෝගි" ගේ සිරුර සොයා තුර්කියෙන් මෙහෙයුමක්කා

    ෂෝගිගේ අතුරුදන්වීම ගැන දන්නෑ - සෞදි කුමරු

    Latest News