"ස්පයිඩර් මෑන්" අත්අඩංගුවට

ඔක් 26, 2018
    "ප්‍රංශ ස්පයිඩර් මෑන්" නමින් විරුදාවලිය ලද 56 හැවිරිදි එලායන් රොබර්ට් බ්‍රිතානයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
    ඒ එරට අඩි 662 ක උසින් යුත් ගොඩනැගිල්ලක් නීතිවිරෝධී අයුරින් තරණය කිරීමේ චෝදනාවටය.
    රොබට් විසින් ලන්ඩන් නුවර පිහිටි Salesforce Tower නමැති ගොඩනැගිල්ල මිනිත්තු 40 ක් තුලදී තරණය කර ඇති අතර ඒ සදහා ඔහු කිසිදු උපකරණයක් හෝ ආරක්‍ෂිත ඇඳුම් කිසිවක් භාවිතා කර නැතැයි පැවසේ.
    සිය ත්‍රාසජනක ක්‍රියාව පිලිබදව කිසිදු වගකිවයුතු අංශයකට පෙර දැනුම් දීමකින් තොරව රොබට් විසින් සිදුකර ඇත. 
    මේ අතර ඔහු එම ගොඩනැගිල්ල තරණය කිරීම දැකබලා ගැනීමට සිය ගණනක් ජනතාව ගොඩනැගිල්ල අසල එක්රැස් වීම නිසා දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබේ.
    ඔහු විසින් මිට පෙර ඩුබායි හි පිහිටි අඩි 2717 ක් උසින් යුත් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඇතුළු ලොව නගර කිහිපයකම පිහිටි උසින් විශාල ගොඩනැගිලි කිහිපයක් කිසිදු ආධාරයකින් හෝ උපකරණයක සහයකින් තොරව තරණය කිරීම හේතුවෙන් "ප්‍රංශ ස්පයිඩර් මෑන්" නමින් හඳුන්වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

    Latest News