කෂෝගි ඝාතකයන්ට චෝදනා ගොනු කෙරේ

ඔක් 27, 2018
    ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කරන බව, සෞදි අරාබිය පවසයි.
    සෞදි විදේශ අමාත්‍යවරයා අද මේ බව කියා සිටියේ, බහරේනයේ පැවති සමුළුවක් අතරතුරදී. තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සියුල් කාර්යාලය තුළ කෂෝගි ඝාතනයට ලක්වූයේ සති තුනකට පෙරයි. ඊට සම්බන්ධ බවට සැක කෙරෙන සෞදි ජාතිකයින් 18 දෙනෙකු රටින් පිටුවහල් කිරීමට තුර්කිය තීරණය කිරිමත් සමඟ විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.
    ඔහු පෙන්වා දෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය මායාවක් හුවා දක්වන බවයි.  කෙසේ වෙතත්, සෞදි රජ පවුල සිද්ධියට සම්බන්ධයක් නොමැති බව ද, විදේශ අමාත්‍යවරයා ප්ප‍රකාශ කර ඇත. මේ අතර, අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජිම් මැට්ටිස් අවධාරණය කරන්නේ, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සෞදි අරාබිය අන්තර්ජාතික සම්මුතීන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බවයි.
     
    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 09:34

    Latest News