ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්.....

අගෝ 15, 2021

    අමෙරිකාවේ මිලියන 37කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවේ. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ එරටින්.

    මරණ සංඛ්‍යාව 6,37439ක්. එරට ළමුන් අතර ද රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා රෝගය වැළඳුනු ළමුන් 1900කට අධික සංඛ්‍යාවක් ‍ඊයේ රෝහල් ගත කර තිබේ. අමෙරිකාවේ සමස්ත ආසාදිතයින්ගෙන් 2.4%ක් ළමා ආසාදිතයින් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    එන්නත් ලබා නොගත් පිරිස් අතර රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවේ. වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත් ලබාදීමට නොහැකි වීමෙන් රෝගය ව්‍යාප්තිය පිළිබඳ විශාල අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අමෙරිකාවෙන් දවසකට අවම වශයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1,29000ක්. පසුගිය මාස කිහිපය තුළ රෝහල් ගත කිරීම් ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තාවේ.

    Latest News